Geeyakawathagotha Wiki
Advertisement
මං ආසයි හිනාවෙන්න
ගායනය තීක්ෂණ අනුරාධ
පද රචනය නවෝද් නිලංග
සංගීතය රංජිත් ප්‍රේමවීර

ජනප්‍රිය ගීතයක් වන තීක්ෂණ අනුරාධ ගායනා කරන මං ආසයි හිනාවෙන්න ගීතය රචනා කරල තිබෙන්නේ පාසැල් සිසුවෙක් විසින්.

ගී පද[]

මං ආසයි හිනාවෙන්න

ජීවිතයම ඔබත් එක්ක

නොවරදවාම ඔබ එන විට

සිනා මලක් අරන් එන්න


මං ආසයි යාළු වෙන්න

ජීවිතයම නුඹත් එක්ක

නොවරදවාම ඔබ එන විට

ළෙන්ගතුකම අරන් එන්න


මං ආසයි නුඹත් එක්ක

සෙනේහයේ සුව විඳින්න

අද ඇවිදින් නුඹ යන විට

තුටු කඳුළක් තබා යන්න


මං ආසයි හිනාවෙන්න...

ඇරඹුම[]

පද රචනය[]

මේ ගීතය රචනා කරලා තියෙන්නේ කොළඹ අශෝක විද්‍යාලයේ ඉගෙන ගන්න නවෝද් නිලංග නම් සිසුවා. ඔහු 11 වන ශ්‍රේණියේ ඉගෙන ගන්නා සමයේ වුණු සිදුවීමක් මෙම ගීතයේ ආරම්භයට හේතු වුණා. තොරතුරු හොයාගත්තේ පුවත්පතකින්. නවෝද් පුරුද්දක් ලෙස කවි ගීත රචනා කරනවා කියල පාසලේ මිතුරන් හොඳින් දන්නවා. ඒ නිසාම ඔහුගේ මිතුරෙක් තම සිත්ගත් ගැහැණු ළමයෙකුට යැවීමට කවි පන්තියක් ලියා දෙන්න ඔහුගෙන ඉල්ලා සිටියා. නවෝද් ඔහුගේ සිතට ආ අදහස් වලින් ලියු කවි පන්තිය පාසලේ ඉගැන්වීම් කරන අතරතුර කියවමින් සිටින විට ඔහුගේ ගුරුවරයාට හසු වුණා. ගුරුවරයා ඔහුව නියෝජ්‍ය විදුහල්පති නන්දසේන පතිරණ මහතා ලඟට ගෙනගියේ දඬුවම් කරන්න. නමුත් කවි පෙළ කියවූ ඔහු එය විදුහල්පතිතුමාට යොමු කළා. දෙදෙනාම නවොද්ගේ හැකියාව හොඳින් හඳුනාගත්තා. ඉන්පසු දඬුවමෙන් මිදුණු නවොද්ගේ ගීතය පාසලේ සංගීත ආචාර්ය රන්ජිත් ප්‍රේමවීර මහතාගේ සංගීතයෙන් හා කලක් ඔහුගේ ගෝලයකුව සිටි තීක්ෂණ අනුරාධගේ ගායනයෙන් අලංකාර ගීතයක් බවට පත වුණා. [1]

විචාරයන්[]

විශේෂ තොරතුරු[]

  • ගීතය වෙනුවෙන් සැකසූ දර්ශණ පෙළ සුමින්ද සිරිසේන මහතාගේ පුත් නන්දිත සිරිසේන විසින් සත්‍ය කතාව ඇසුරු කරගෙන සකසන ලද්දක්.

යොමු[]

සින්දුව බාගතකරන්න/අහන්න[]

Site Link Info.
Ananmanan.lk http://www.ananmanan.lk/free-sinhala-mp3/song/3824/man-asai-hina-wenna-theekshana-anuradha-sinhala-mp3.html 3.78 MB
Topsinhalamp3.com http://www.topsinhalamp3.com/songs/theekshana-anuradha-mp3-songs/man-asai-hina-wenna-mp3-song.php 3.74 MB

වීඩියෝව නරඹන්න []

Man_Asai_Hina_Wenna_Official_full_(HD_1080p)_Video_From_Sindu_Lokaya

Man Asai Hina Wenna Official full (HD 1080p) Video From Sindu Lokaya

Search on [Youtube]

ගී පද පෝස්ටරය[]

Site Link Info.
Ananmanan.lk http://www.ananmanan.lk/sinhala-lyrics/lyric/2311/theekshana-anuradha-mang-aasai-hina-wenna-lyrics.html
lyrics.tharunayaa.lk http://lyrics.tharunayaa.lk/fullsize-Man%20asai%20hina%20wenna%20-Theekshana%20Anuradha-937.html

Song Chords[]

G                   Am

මං ආසයි හිනාවෙන්න

D    Bm D       Em

ජීවිතයම ඔබත් එක්ක

C                      D

නොවරදවා ඔබ එන විට

                                        Em

සිනා මලක් සිනා මලක් අරන් එන්න


Em          C

මං ආසයි යාළු වෙන්න

D           Em

ජීවිතයම නුඹත් එක්ක //

G                     Am

නොවරදවාම ඔබ එන විට

D                        G  

ළෙන්ගතුකම අරන් එන්න

D                          Em

ළෙන්ගතුකම අරන් එන්න



Em         C

මං ආසයි නුඹත් එක්ක

D              Em

සෙනේහයේ සුව විඳින්න //

G                   Am

අද ඇවිදින් නුඹ යන විට

D                      G  

තුටු කඳුළක් තබා යන්න

D                      Em

තුටු කඳුළක් තබා යන්න

වැඩිදුර කියවන්න[]

මූලාශ්‍ර[]

Advertisement