Geeyakawathagotha Wiki
Advertisement
දෑතේ එල්ලී
ගායනය W.D. අමරදේව
පද රචනය ස්වර්ණ ශ්‍රී බණ්ඩාර
සංගීතය W.D. අමරදේව

දියණිය ගැන ලියූ ගීත කිහිපයක් සිංහල ගීත සාහිත්‍යයේ දැකිය හැකියි. ඒ අතරින් අමරදේව ශූරීන් ගයන මේ ගීතය සිත් ඇදගන්නා සුළුයි.

ගී පද[]

දෑතේ එල්ලී මියුරු කතා කී

සුරතල් දෝණියනේ

කාලයෙ රියසක මහළු මගෙන් ඔබ

ඈතට ගෙන යන්නේ...


බොළඳ මියුරු බස් සවන් නිවාලූ

කැකුළු සිනා රස සිත සනහාලූ

අතීත සිහිනය බොඳවී දියවී

ඈතට පාවෙන්නේ...


දෑතේ එල්ලී ...


පරපුර වඩන ලෙසින් වෙහෙසෙන ඔබ

ඇස නැළවූ සිත පිනවූ

මතක වරායෙන් නොපෙනෙන ඈතට

වැලිබත පාවෙන්නේ...


දෑතේ එල්ලී ...

ඇරඹුම[]

පද රචනය[]

ගීතය රචනා කරන්නේ ස්වරණ ශ්‍රී බණ්ඩාර මහතා. සමහර මුලාශ්‍ර වල සඳහන් පරිදි ඒ ඔහුගේ දියණිය වැඩිවියට පැමිණි සමයේ. ඔහු සිය දියණියන්ට හා පුතුට පණමෙන් ආදරය කළා. සිය වැඩිමල් දියණිය වැඩිවියට පත් වූ පසු තම තුරුලේ දැවටෙමින් සිටි දියණිය තමාගෙන් ඈත් වීම නිසා ඇතිවූ වෙනස ඔහුට දරාගත නොහැකි වුණා. එය නිමිති කරගෙන තම සිතෙහි හටගත් දුක ගීතයකට පෙරළුවා.

සංගීතය[]

ඔහු මේ ගීතය අමරදේවයන්ට ලබා දුන්නා. අමරදෙවයන්ද මේ අත්දැකීම ලබා තිබුණ කෙනෙක්. ඒ නිසාම ඉතා මියුරු සංගීතයකින් මේ පද පෙළ සරසන්නට ඔහුට හැකි වුණා.

විචාරයන්[]

  • සරසවිය පුවත්පතේ පලවූ විචාරයක්

රචකයා සිහිකරන්නේ දියණියගේ කුඩා අවදිය. දෑතේ පැටලෙමින් හුරතල් කතා කියපු අවදිය. කාලය විසින් සියල්ල ඔහුගෙන් උදුරාගනු ලැබ ඇති වග ඔහුට සිහිවෙනවා. “කාලය රිය සක” වැනි රූපකයක් යොදා ගැනීමෙන් රචනය වඩාත් ප්‍රාණවත් වෙනවා. තමන් වයසට යන විට බොහෝ දේ තමාගෙන් ඈත්වෙනවා වගේ දියණියත් ඈත්වන බව ඔහුට දැනෙනවා.


ඒ සමඟ ම අතීතය පිළිබඳ චිත්‍ර පෙළක් ඔහු ඉදිරියේ දිගහැරෙනවා. ඒ අතීත සිහිනය තුළ රැදෙන්නේ දියණිය සමඟ ගෙවුණු අතීතය පිළිබඳ පැහැබර මතක සටහන්.

බොළඳ මියුරු බස්

සවන් නිවාලූ

කැකුළු සිනා රස

සිත සනහාලූ

අතීත සිහිනය

බොඳවී දියවී

ඈතට පාවෙන්නේ

දරු සෙනෙහස හරියට ගඟක් වගේ. ගඟ පහළට ගලනවා මිසක ඉහළට ගලන්නෙ නෑ. දෙමව්පියො අප ගැන හිතනවා. අපි දෙමව්පියන් ගැන හිතනවට වඩා අපේ දරුවො ගැන හිතනවා. අපේ දරුවො අපි ගැන හිතනවට වඩා ඒගොල්ලන්ගෙ දරුවො ගැන හිතනවා. මේ තමයි ඇත්ත.

පරපුර වඩන ලෙසින්

වෙහෙසෙන ඔබ

ඇස නැළවූ සිත පිනවූ

මතක වරායෙන් නොපෙනෙන ඈතක

වැලිබත පාවෙන්නේ

[1]

විශේෂ තොරතුරු[]

යොමු[]

සින්දුව බාගතකරන්න/අහන්න[]

Site Link Info.
Sinhalasongs.lk http://www.sinhalasongs.lk/sinhala-songs-download/amaradeva/dathe-elli/

වීඩියෝව නරඹන්න []

7._Dathe_Elli_-_Pandith_Amaradeva

7. Dathe Elli - Pandith Amaradeva

Search on Youtube

වැඩිදුර කියවන්න[]

මූලාශ්‍ර[]

Advertisement