FANDOM


හෙමින් සැරේ පා නගනා
ගායනය මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය ක්ලැරන්ස් විජේවර්ධන

ගීතයෙන් කියවෙන්නේ මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ දෙවන දියණිය වන හර්ෂණී මල්ලවාරච්චි ගැනයි.

ගී පද Edit

හෙමින් සැරේ පා නගනා දුවේ හර්ෂණී

සිනා සිසී දඟ කරනා දුවේ හර්ෂණී


ජීවිතයේ මාළිගව සතුට පුරා දී මනාව

වාසනාව මට ගෙනාව කැකුළු සුවඳ කිරි සිනාව

මල් සුවඳයි පින් සුවඳයි


හෙමින් සැරේ පා නගනා දුවේ හර්ෂණී

දුවේ හර්ෂණී


රෝස මලක පාට ගෑව ආකාසේ හැන්දෑවක

ඇත ඇදෙන කුරුළු රෑන ගයන ගීත ඉල්ලාගෙන

මුමුනන්නම් නළවන්නම්


හෙමින් සැරේ පා නගනා දුවේ හර්ෂණී

සිනා සිසී දඟ කරනා දුවේ හර්ෂණී

දුවේ හර්ෂණී

ඇරඹුම Edit

පද රචනය Edit

ගීතය රචනා කළේ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා. ගීත රචනාවට පාදක වූ සිදුවීම ඉතා අපූරු කතාවක්. දිනක් මිල්ටන්ගේ මිතුරු ප්‍රේමකීර්ති මහතා මිල්ටන්ගේ නිවසට යම් කාරණාවක් සඳහා පැමිණෙනවා. එහිදී ඔහුට මිල්ටන්ගේ කුඩා දියණිය සුරතල් කිරීමට අවස්තාවක් ලැබෙනවා. කුඩා දියණිය ඇසුරු කළ කුඩා කාලය තුල ඔහුගේ සිතට පැමිණි සිතුවිලි සමුදාය ඔහු ගීතයක් බවට පත් කරනවා. දියණියගේ නම විමසා සිටි ඔහුමිල්ටන්ගෙන් පෑනක් කොලයක් ඉල්ලා ගන්නවා. හදිස්සියේ කොලයක් සොයාගැනීමට අපහසු වූ මිල්ටන් ඔහුට තම සිගරට් පෙට්ටියේ ඊයම් කොලය ලබා දෙනවා. එක් වරම ලියා නිමකළ මේ පද මාලාවට පසුව ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ සංගීතය එකතු කර අලංකාර ගීතයක් මිල්ටන් විසින් ගායනා කරනවා.</p>

මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ සියලුම දරුවන් වෙනුවෙන් ගැයුණු ගී කිහිපයක් තිබෙනවා. ඒ "දුවේ හර්ෂණී", "දූ නදී හිනැහෙනවා ", "රනිල් පුතේ හිනැහෙන්", "මා දිවිමගේ දිලෙන තාරක පුතේ" යන ගීතයි.[1]

විචාරයන් Edit

විශේෂ තොරතුරු Edit

යොමු Edit

සින්දුව බාගතකරන්න/අහන්න Edit

Site Link Info.
Sarigama.lkhttp://sarigama.lk/profile/song_profile/11140/Duwe%20Harshani4.5 MB
--http://www.mediafire.com/download/dqz2mgqmzzz/Duwe+Harshani+-+Milton+Mallawaarachchi.mp33.07 MB

වීඩියෝව නරඹන්න Edit

Duwe Harshani Milton Mallawarachchi දුවේ හර්ෂනී

Duwe Harshani Milton Mallawarachchi දුවේ හර්ෂනී

Search on [Youtube]

ගී පද පෝස්ටරය Edit

Site Link Info.
Ananmanan.lkhttp://www.ananmanan.lk/sinhala-lyrics/lyric/715/milton-mallawaarachchi-himin-sare-panagana-duwe-harshanisinhala-lyrics.html

Song Chords Edit

Site Link Info.
ChordsLankahttp://www.chords-lanka.com/song_view.php?song_id=1876

වැඩිදුර කියවන්න Edit

මූලාශ්‍ර Edit

  1. http://katu-satahana.blogspot.com.au/2009/11/blog-post_15.html