FANDOM


සුදු නෙළුම කෝ
ගායනය W.D. අමරදේව
පද රචනය රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය W.D. අමරදේව

අමරදේව ශූරීන් ගයන මේ ගීතය රත්න ශ්‍රී විජේසිංහයන්ගේ අත්දැකීමක් ඇසුරෙන් රචනා කරන ලද්දක්.

ගී පද Edit

සුදු නෙළුම කෝ සොර බොර වැවේ

මල් සුවඳ කෝ මහියංගනේ

පුන් පෝයදා පාළොස්වකේ

මල් නෙළා විකිණූ පන්සලේ


වැවට කලුවර යා වුනා

සංසාර දුක බෝ වුනා

නෙළු මල් මිට ඉහිරුනා

එහා ඉවුරට පාවුනා


සුදු නෙළුම කෝ....


සිහින් සිරිපොද වෑහුනා

ඉවුරු දෙකොපුල සේදුනා

සුදු නෙළුම් මල දෑස පියවී

මෙහා ඉවුරට පාවුනා


සුදු නෙළුම කෝ...

ඇරඹුම Edit

රත්න ශ්‍රී විජේසිංහ මහතා මොනරාගල ප්‍රදේශයේ හුලන්දාව කනිෂ්ඨ විද්‍යාලයෙ[1] ගුරුවරයෙක් විදිහට සේවය කරන කාලේ වෙච්ච සිද්ධියක් මේක. එතුමා උගන්වපු පාසලේ හිටිය එක්තරා ගැහැණු ළමයෙක් පැමිණීම මදිකම නිසා ඇය ගැන ටිකක් උනන්දුවෙන් හොයල බැලුව. තාත්තා නැති ඇය ජීවත් වෙන්නේ අසනීප අම්මත් එක්ක. පවුල ජීවත් කරවන්න මුදල් හොයාගන්නේ මේ කුඩා දැරිය. ඇය නෙලුම් මල් කඩල එම ප්‍රදේශයේ තිබුණු දෙමටමල් විහාරය වඳින්න එන අයට විකුනනවා. දවසක් මේ ළමය ගැන ආරංචියක් නැතුව යනවා. පස්සේ වැව් ඉවුරේ තිබී ඇගේ මළසිරුර හොයාගන්නවා. ඇගේ මරණයට රත්න ශ්‍රී විජේසිංහ මහතාත් සහභගී වෙනවා. ඇගේ සිරුර තැබීමට තරම්වත් නිවසේ ඉඩ නැහැ. කුඩා පෙට්ටියක පාසැල නිල ඇඳුමෙන් සැරසුණු ඇගේ සිරුර තබා තිබෙනවා. මේ සිදුවීම මුල් කරගෙන තමයි රත්න ශ්‍රී විජේසිංහයන් සුදු නෙළුම කෝ නමින් ගීතයක් රචනා කරන්නෙ. ගීතය අමරදේව මහතාට දෙන්නේ වසර කිහිපයක් ගතවුනාට පසුවයි.[2]

ගීතය ගැන රත්න ශ්‍රී විජේසිංහයන්ගේ හඬින් (ස්වාධීන රූපවාහිනී තඹර විල වැඩසටහනෙන්)

සුදු නෙළුම කෝ (Sudu Neluma ko)

සුදු නෙළුම කෝ (Sudu Neluma ko)

විචාරයන් Edit

විශේෂ තොරතුරු Edit

  • සත්‍ය සිදුවීම සිදු වුණේ ඔක්කම්පිටිය ප්‍රදේශයේ වුවත් ගීතය සඳහා රත්න ශ්‍රී විජේසිංහයන් තරමක් ප්‍රසිද්ධ මහියංගනය විහාරය සහ සොරබොර වැව යොදා ගන්නවා.
  • අමරදේවයන්ගේ 64 වන ජන්ම දිනය උත්සවයක් ටවර් රඟහලේ පැවැත්වුණු අවස්තාවක සත්‍ය කතාවත් කියමින් අමරදේවයන් ගීතය ගායනා කල අවස්ථාවේ බොහෝ දෙනෙක්ගේ ඇස කඳුලින් තෙත් වී ඇත.

යොමු Edit

සින්දුව බාගතකරන්න/අහන්න Edit

Site Link Info.
Ananmanan.lkhttp://www.topsinhalamp3.com/songs/w-d-amaradewa-mp3-songs/sudu-neluma-ko-mp3-song.php3.70 MB
Srimp3.comhttp://srimp3.com/sudu-neluma-w.d.-amaradeva-25939.html

වීඩියෝව නරඹන්න Edit

  • Youtube Video by Prashan DZ
12. Sudu Neluma - W

12. Sudu Neluma - W.D Amaradeva

Search on [Youtube]

ගී පද පෝස්ටරය Edit

Song Chords Edit

Site Link Info.
ChordsLankahttp://www.chords-lanka.com/song_view.php?song_id=293

වැඩිදුර කියවන්න Edit

මූලාශ්‍ර Edit

  1. https://www.youtube.com/watch?v=jzzHRbHN3lI
  2. http://haraspara.blogspot.com/2012/08/blog-post_14.html