FANDOM


සබඳ අපි කඳු නොවෙමු
ගායනය ගුණදාස කපුගේ
පද රචනය දර්ශන මේදිස්
සංගීතය ගුණදාස කපුගේ

ගී පද Edit

සබඳ අපි කඳු නොවෙමු

උනුන් පරයා නැගෙන

සුනිල දිය දහර වෙමු

එකම ගඟකට වැටෙන...//


වියරු ගිනි දැල් නොවෙමු

වනය අවුලා තබන

සිහිල දෙන වැස්ස වෙමු

දැවෙන කැලයට වසින


සබඳ අපි කඳු නොවෙමු ...


නපුරු හීනය නොවෙමු

ළමුන් නිදි සුව බිඳින

සොඳුරු අඬහැරය වෙමු

දනන් නින්දෙන් මුදන


සබඳ අපි කඳු නොවෙමු ...

ඇරඹුම Edit

පද රචනයEdit

මෙම ගීතයේ පද රචනය විවාදාත්මකයි. දර්ශන මේදිස් මහතා විසින් 1992 දී රචිත "කඳුළු මිටියාවත" කෘතියේ අවසාන කවි පෙළේ එන පැදි කිහිපයක් මෙම ගීතයේ අඩංගු වෙනවා. "උතුරින් - දකුණට" ලෙස නම් කරන ලද මේ කවි පෙළෙන් ද්‍රවිඩ ජාතිකයෙක් විසින් සිංහලයන් හට කරන සහෝදරත්වයේ පණිවුඩයක් කියාපානවා. පසු කාලීනව ගීතයට උපුටාගත් කොටස විවිධ අර්ථකතනයන් ඇතිව භාවිතා කරනවා.

කඳුළු මිටියාවත කෘතියේ එන සම්පූර්ණ කවි පෙළ පහලින්;

සබඳ අපි කඳු නොවෙමු

උනුන් පරයා නැගෙන

සුනිල දිය කඳුරු වෙමු

එකම කන්දෙන් වැටෙන


වියරු ගිනිදැල් නොවෙමු

වනය අවුලා තබන

මුරුගසන් වැස්ස වෙමු

දැවෙන කැලයට වහින


චන්ඩ පවනක් නොවෙමු

දෙරණ අතුගා දමන

මන්ද මාරුතය වෙමු

දෙකොන සිපගෙන හමන


නපුරු හීනය නොවෙමු

ළමුන් නිදි සුව බිඳින

සොඳුරු අඬහැරය වෙමු

දනන් නින්දෙන් මුදන


යකඩ පිත්තල නොවෙමු

රජුන් උඩ පැන තලන

බුරුත-කොස්-නැදුන් වෙමු

උනට එසවිය නොහෙන


පිදුරු-පොල් අතු නොවෙමු

පැරණි ගෙට සෙවිලි වන

සබඳ අපි ගඩොලු වෙමු

අලුත් ගෙපැලක් බඳින

සංගීතයEdit

ගුණදාස කපුගේ මහතා විසින් මෙය සංගීතවත් කර ගායනා කරනු ලබයි. ඒ මහතා විසින් මෙම ගීතය "කම්පන" ප්‍රසංගය සඳහාද ඇතුලත් කරගෙන තිබුණා.

විචාරයන් Edit

විශේෂ තොරතුරු Edit

  • බොහෝ විටෙක මෙම ගීතය ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ භාවිතා වුවත් මෙහි අරුත ඉස්මතු වන පරිදි  නිසි මාතෘකාව යටතේ ඉදිරිපත් නොවීම ගැන එහි කතුවරයා කනගාටු වන බව සඳහන්[1]

යොමු Edit

සින්දුව බාගතකරන්න/අහන්න Edit

Site Link Info.
Ananmanan.lkhttp://www.ananmanan.lk/free-sinhala-mp3/song/1039/sabada-api-kandu-nowemu-gunadasa-kapuge-sinhala-mp3.html2.81 MB

වීඩියෝව නරඹන්න Edit

https://www.youtube.com/watch?v=2LuKaQkpM_M

Search on [Youtube]

ගී පද පෝස්ටරය Edit

Site Link Info.
Ananmanan.lkhttp://www.ananmanan.lk/sinhala-lyrics/lyric/1017/gunadasa-kapuge-sabanda-api-kandu-nowemu-unun-paraya-nagena-lyrics.html
Siyalla.comhttp://www.siyalla.com/sinhala-lyrics/song-lyric/Sabanda-Api-Kandu-Nowemu-Unun-Paraya-Nagena/

Song Chords Edit

Site Link Info.
ChordsLankahttp://www.chords-lanka.com/song_view.php?song_id=1570

වැඩිදුර කියවන්න Edit

මූලාශ්‍ර Edit

  1. http://www.boondi.lk/article.php?ArtID=985