Geeyakawathagotha Wiki
Advertisement
පෙනෙන නොපෙනෙන දුරක
ගායනය ආත්මා ලියනගේ
පද රචනය රචිතා වාකිෂ්ඨ
සංගීතය තිලිණ රුහුණුගේ

ඉතාමත් ජනප්‍රියත්වයට පත්වුණු ආත්මා ලියනගේ මහතා ගායනා කරන මේ ගීතය සත්‍ය සිදුවීමක් පාදක කරගෙන ලියන ලද්දක්.

ගී පද[]

පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්

නුඹ ඇවිත් සිත ළඟට හොරෙන්

ආවාට නොකියාම ජීවිතෙන්

නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්


දකින හිමි වන හිනේ නුඹ කොතැන හිටියා

මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුණා

හඬන හිනැහෙන නෙත් නුඹේ උරහිසේ තිබුණා

ඇත්තමයි නුඹ අහසක් වගේමයි සිතුණා


නුහුරු නුපුරුදු හීන අරන්

ළඟට ඇවිදින් තුරුළු වෙමින්

ආවාට නොකියාම ජීවිතෙන්

නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්


මිරිඟුවක හිත තියලා නුඹ දුරක ඇදුණා

රංචු ගැහෙනා රෑනේ තනිකමක් දැනුණා

ඇසිල්ලක දුටු හීනේ හිත හුඟක් රිදුණා

අරුත නොදකින සෙනෙහේ ඔය නමත් රැඳුණා


පෙනෙන නොපෙනෙන ....

ඇරඹුම[]

පද රචනය[]

ගීතය ලියන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නා රචිතා වාකිෂ්ඨ නම් ගීත රචිකාවියක්. ඇය ගුණදාස කපුගේ මහතා ගයන 'උතුරු කොනේ' ඇතුළු ගීත රචනාවන් කළ චන්ද්‍රා වාකිෂ්ඨ මහතාගේ දියණිය. ගීතයට පසුබිම් වෙන්නේ ඇයගේ සහෝදර ශිෂ්‍ය යුවලකගේ පෙම් සබඳතාවක්. තරුණිය පේරාදෙණිය ප්‍රදේශයේ ධනවත් පවුලක වන අතර තරුණයා හම්බන්තොට ප්‍රදේශයේ දුප්පත් අයෙක්. මෙම තරුණයා විශ්වවිද්‍යාලයේ 'සිත් කවිය' නමැති බිත්ති පුවත්පතට නිතරම සුන්දර ආදර කවි සංකල්පනා ඉදිරිපත් කරනවා. රචිතා වාකිෂ්ඨ නම් අපගේ ගීත රචිකාවියත් මේ කවි කියවීම පුරුද්දක් කරගෙන හිටිය. නමුත් කාලයක් යන විට සුන්දර ලෙස ලියු පෙම් කවි වලට විරහ වේදනාව මුසු වුණා. ඒ ගැන සොයා බැලූ රචිතාට සොයාගන්න ලැබුනේ ඔවුන් දෙදෙනාගේ ආදරයට කුමන හෝ බාධාවක් එල්ල වී ඇති බවයි. බොහෝ දුරට එය තරුණියගේ පවුලෙන් එල්ල වූ බලපෑමක් නිසා විය හැකියි. ටික දිනකට පසුව නැවතත් සුපුරුදු පරිදි ආදර කවි සංකල්පනා සිත් කවියේ දක්නට ලැබුණා. එහි සඳහන් වූ පරිදි ඇය නැවතත් ඔහුගේ ජීවිතයට පැමිණි නමුත් නැවත යයිදැයි බියක් ඔහු තුල පවතී. මේ අතර තිලිණ රුහුණුගේ නම් නව පරපුරේ සංගීතවේදියාගේ තනුවකට ගීතයක් රචනා කරන ලෙසට රචිතාට ඇරයුමක් ලැබුණා. එහිදී ඇයගේ සිතට තදින්ම කාවැදුණු මෙම ආදර සිදුවීම ගීතයකට පෙරලීමට තීරණය කළා. ඇය ගීතයට විශ්වවිද්‍යාලයක පරිසරය පිලිබඳ කියවෙන යෙදුම් පවා මනාව යොදාගත්තා. "රංචු ගැහෙනා රෑනේ" යන යෙදුම විශ්වවිද්‍යාලයක සිසුන් රංචු පිටින් හැසිරෙන අන්දම ගැන කියවෙන්නක්. ඇගේ වෙනත් ගීත රචනා තිලිණ විසින් කපා කොට වෙනස් කරන නමුත් මෙම ගීතයේ කිසිම වචනයක් වෙනස් නොකර භාවිතා කර තිබෙනවා. ගීතය සහ තනුව සම්පූර්ණ වූ පසු එය ගායනා කිරීමට ආත්මා ලියනගේ මහතාට ආරාධනා කරනවා. පළමුව එය ප්‍රතික්ෂේප කරන ඔහු ගීත රචනාව ඇසීමෙන් පසු එයට ඉහලින්ම කැමති වෙනවා. බොහෝ වාරයක් නැවත නැවත පටිගත කිරීමෙන් පසුව ගීතය පිටවෙනවා.[1]

විචාරයන්[]

විශේෂ තොරතුරු[]

  • ඉතා ඉක්මනින් ජනප්‍රිය වෙන ගීතය ගැන පෙම් යුවල රචිතාගෙන් සත්‍ය කතාව දැනගන්නවා. පසුව ගීතය ඇසු ඔවුන්ගේ දෙමව්පියන් ඔවුන්ට ආශීර්වාද කර ඇත.[2]

යොමු[]

සින්දුව බාගතකරන්න/අහන්න[]

Site Link Info.
Ananmanan.lk http://m.ananmanan.lk/song/2626/penena-nopenena-duraka-idan-athma-liyange-ft-thilina-r-sinhala-mp3.html 3.73 MB
Topsinhalamp3.com http://www.topsinhalamp3.com/songs/athma-liyanage-mp3-songs/penena-nopenena-mp3-song.php 3.76 MB

වීඩියෝව නරඹන්න []

Ayemath_Adaren(Penena_Nopenena_Duraka_Indan)_Official_HD_Video_-_Athma_Liyanage

Ayemath Adaren(Penena Nopenena Duraka Indan) Official HD Video - Athma Liyanage

Search on [Youtube]

ගී පද පෝස්ටරය[]

Site Link Info.
Ananmanan.lk http://www.ananmanan.lk/sinhala-lyrics/get_lyric.php?lid=2135
Siyalla.com http://www.siyalla.com/sinhala-lyrics/song-lyric/Ayemath-Adaren-(Penena-Nopenena-Duraka-Idan)/

Song Chords[]

Site Link Info.
ChordsLanka http://www.chords-lanka.com/song_view.php?song_id=1224

වැඩිදුර කියවන්න[]

මූලාශ්‍ර[]

Advertisement