FANDOM


දිල්හානි දුවනි
ගායනය ඉන්ද්‍රාණි පෙරේරා
පද රචනය ක්ලැරන්ස් විජේවර්ධන
සංගීතය ක්ලැරන්ස් විජේවර්ධන

ඉන්ද්‍රානි පෙරේරා මහත්මිය ගයන කරන මේ ගීතයෙන් කියවෙන්නේ සුරතල් දියණියක් පිළිබඳව.

ගී පද Edit

දිල්හානී දුවණී නාඬා නිදියන්නේ

නිවසට සුරතල් ආලෝකය වී

නාඬා නිදියන්නේ

දෑත දෙපා සලමින් ඇය කරනා

සුරතල් දැක ගන්න

වාසනව මට ගෙන දුන් දියණී

සුරතල් දිල්හානී

රං ඔන්චිල්ලේ ඇයව හොවාලා

පදවන්නට සිතුණා

රං තැටියේ කිරි පැණි පුරවාලා

ගෙන එන්නට සිතුණා

රංවන් තටු ඇති සමනළයින් දැක

ඇයගේ දෙතොල් පිපුණා

රන්වන් මුහුණේ ලස්සන දැකලා

සිපගන්නට සිතුනා

දිල්හානී දුවණී නාඬා නිදියන්නේ

නිවසට සුරතල් ආලෝකය වී

නාඬා නිදියන්නේ

ඇරඹුම Edit

ගීතය රචනා කර තිබෙන්නේ ක්ලැරන්ස් විජේවර්ධන මහතා. ගීතයේ කියවෙන දිල්හානි දියණිය නම් සිරිසඟබෝ කොරයා මහතාගේ දියණිය වන දිල්හානි කොරයා මහත්මියයි. ක්ලැරන්ස් විජේවර්ධන මහතා 'මූන්ස්ටෝන්' සංගීත කණ්ඩායමේ පුහුණු වීම් සිදුකලේ කොරයා මහතාගේ නිවසේ. දිල්හානි කොරයා මහත්මිය පවසන ආකාරයට ගීතයේ ඇරඹුම මෙසේ සිදුවිය;

"පුංචි කාලේ මම හරියට අඬනවාලු. ඉතින් මාව නලවන්න අන්කල් මාව තොටිල්ලේ තියලා තොටිල්ල හෙමිහිට පද්ද පද්ද අන්කල්ගේ ගිටාර් එක වාදනය කරද්දි මම අඬන්නේ නැතිව අන්කල් කියන සින්දු අහගෙන ඉන්නවාලු. ඔය වගේ දවසක මාව නලවන කොට තමයි අංකල්ට හිතුණේ මම වෙනුවෙන් ගීයක් නිර්මාණය කරන්න."

[1]

විචාරයන් Edit

විශේෂ තොරතුරු Edit

  • මේ ගීතය ඉන්ද්‍රානිගේ හඬින් ඇසෙන්න පටන් ගත්තාම බොහෝ දෙනෙක් හිතලා තිබුණේ ක්ලැරන්ස් මේ ගීතය හැදුවේ එකල ජනපි‍්‍රය නිළියකගේ දියණියට කියලා. නමුත් ක්ලරන්ස්ට මේ විස්තරේ දැනගන්න ලැබුණහම ගොඩක් දුක හිතිලා. ඒ නිසාම තමයි නව රඟහලේ පැවැත්වූ සංගීත සංදර්ශනයකදී ඔහු දිල්හානි දියණිය වේදිකාවට ගෙන්වලා තුරුළු කරගෙන හැමෝටම හඳුන්වලා දුන්නේ. ඔහුගේ ගීතයේ කියැවුණු ආදරණීය දිල්හානී දියණිය ඇයයි කියලා. එදා තමයි බොහෝ දෙනෙක් දැන ගත්තේ මේ ගීතය හැදුවේ වෙන කාටවත් නෙමෙයි. සිරිසඟබෝ කොරයාගේ දියණියට කියලා.

යොමු Edit

සින්දුව බාගතකරන්න/අහන්න Edit

Site Link Info.
Ananmanan.lkhttp://m.ananmanan.lk/song/171/dilhani-duwani-nada-nidiyanne-indrani-perera-sinhala-mp3.html2.83 MB
Topsinhalamp3.comhttp://topsinhalamp3.com/songs/indrani-perera-mp3-songs/dilhani-duwani-mp3-song.php(2.95 MB
Sinhalasongs.lkhttp://www.sinhalasongs.lk/sinhala-songs-download/indrani-perera/dilhani-duwani/

වීඩියෝව නරඹන්න Edit

DILHANI DUWANI

DILHANI DUWANI

Search on [Youtube]

Song Chords Edit

Site Link Info.
ChordsLankahttps://www.chords-lk.com/song/dilhani-duwani/
Guitar.lkhttp://guitar.lk/dilhani-duwani-guitar-lesson/

වැඩිදුර කියවන්න Edit

මූලාශ්‍ර Edit

  1. http://www.silumina.lk/2010/12/26/_art.asp?fn=av10122614