FANDOM


ගීයක් ලියන්නේ කෙසේදෝ
ගායනය ක්ලැරන්ස් විජේවර්ධන
පද රචනය ක්ලැරන්ස් විජේවර්ධන
සංගීතය ක්ලැරන්ස් විජේවර්ධන

මෙය ක්ලැරන්ස් විජේවර්ධනයන් විසින් රචනා කර ගායනා කළ ගීතයක්.

ගී පද Edit

ගීයක් ලියන්නේ කෙසේදෝ

කාටදෝ කා ගැනදෝ //

ගීයක් ලියන්නේ කෙසේදෝ


පෑනයි පොතයි මාගෙ හිස් වූ හිතයි

නින්දෙන් වගේ අඩවන් වූ නෙතයි //

සිතෙන්දෝ දකින්නේ නෙතින්දෝ මගේ

ලියා දෙන්න කවුරුත් නැතේ


ගීයක් ලියන්නේ කෙසේදෝ

කාටදෝ කා ගැනදෝ

ගීයක් ලියන්නේ කෙසේදෝ


මුහුදයි තෙරයි ඈත ආකාසයයි

තරුවයි සඳයි ඒ පරාදීසයයි //

කොහෙන්දෝ පටන්ගන්නෙ අවසන් කරන්නේ

කියා දෙන්න කවුරුත් නැතේ


ගීයක් ලියන්නේ කෙසේදෝ

කාටදෝ කා ගැනදෝ //

ගීයක් ලියන්නේ කෙසේදෝ

ඇරඹුම Edit

පද රචනයEdit

අවශ්‍ය වුණා කැසට් පටයකට ගීත කිහිපයක් ලියන්න. ඔහුට ඒ සඳහා කොළඹ වැනි කලබලකාරී ප්‍රදේශයකදී සිත යොමු කිරීම අපහසු නිසා ඔහු ගියා නුවර ප්‍රදේශයේ සිටි ඔහුගේ මිතුරකුගේ නිවසකට. මිතුරාත් ඔහුගේ පැමිණීමෙන් ඉතා සතුටට පත් වෙලා ඔහුට නවාතැන් ගැනීමට කාමරයක් ලබා දුන්නා. කාමරයට වැදුණු ඔහු ළඟ ගීත ලිවීමට පොතක්, පෑනක් සහ ගිටාරයද තිබුණ. නමුත් ඔහුට ගීතයක් ලිවීමට කිසිම අදහසක් තිබුනේ නැහැ. ගොඩක් වෙලා කල්පනා කලත් කිසිම අදහසක් සිතට ආවේ නැහැ. කරන්න කිසිම දෙයක් නැතුව ඔහු මෙහෙම ලිව්වා.

"ගීයක් ලියන්නේ කෙසේදෝ කාටදෝ කා ගැනදෝ" 

අත තිබුණ ගිටාරයෙන් ඒ පදයට අලංකාර තනුවක් එකතු කළා. ඔහුට තේරුණා එය අලංකාර බව. නමුත් මෙහි ඉතිරි ටික සම්පුර්ණ කරන්නෙ කොහොමද කියල ඔහුට ලොකු ප්‍රශ්නයක්. ඔහුට පෙනෙනවා ඔහුගේම මුහුණ කාමරයේ තිබුණු කණ්ණාඩියෙන්. අවට තිබුණු පැන, පොත වැනි දේවල් දර්ශනය වෙනවා. ඔහුට පෙනෙනවා ඔහුගේ මුහුණේ නිදිබර ගතියක්. මේ සියල්ල ගැන ඔහු ඊළඟ පදවැල ලියනවා.

"පෑනයි පොතයි මාගෙ හිස් වූ හිතයි
නින්දෙන් වගේ අඩවන් වූ නෙතයි"

මේ ආකාරයෙන් සිතට නොපැමිණි සිතුවිලි නිසා අවට පෙනෙන දේවල් හා ඒ වෙලාවේ හැඟුණු හැගීම් එකතු කර ඔහු මේ ගීතය සම්පුර්ණ කරනවා. අලංකාර තනුවක් එකතු කළ මේ ගීතය සිංහල ගීත ඉතිහාසයේ අමුතුම ආකාරයේ නිර්මාණයක්.[1] ගීතයේ ඇරඹුම් ගැන කියවෙන ගුවන් විදුලි සංවාදයක්.

Clarence Wijewardana Radio Interview

Clarence Wijewardana Radio Interview

විචාරයන් Edit

විශේෂ තොරතුරු Edit

  • මෙය ක්ලැරන්ස් ලියූ මුල්ම ගීතයයි.

යොමු Edit

සින්දුව බාගතකරන්න/අහන්න Edit

වීඩියෝව නරඹන්න Edit

Geeyak Liyanne Kesedo Clarance Wijewardena

Geeyak Liyanne Kesedo Clarance Wijewardena

Search on [Youtube]

ගී පද පෝස්ටරය Edit

Song Chords Edit

Site Link Info.
Chordify.nethttp://chordify.net/chords/clarence-wijewardana-geeyak-liyanne-kesedoo-sg-perera

වැඩිදුර කියවන්න Edit

මූලාශ්‍ර Edit

  1. https://www.youtube.com/watch?v=hI-7RhGeNeA