Geeyakawathagotha Wiki
Advertisement
එදා රෑ
ගායනය මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය ක්ලැරන්ස් විජේවර්ධන

ගී පද[]

එදා රෑ ගුවන් තොටුපොළේ දී මා

වෙන් වී ගියේ සිතකින් නොවේ ... //


නෑසිය මිතුරන් පැමිණීලා

ආසිරි සුබ පැතුම් පැතුවා

ඔබ නාවෙ ඇයි මිහිරියේ


එදා රෑ ...


මේ වන තුරු රහසක් වීලා

මා සිතේ යම් දෙයක් තිබුණා

එය කීමටයි ළතැවුණේ


එදා රෑ ...

ඇරඹුම[]

පද රචනය[]

ප්‍රේමකීර්ති ද අල්විස් නම් අද්විතීය කලා කරුවා විසින් රචනා කරන ලදී.

සංගීතය[]

ප්‍රේමකීර්ති මහතාගේ ඉතා සරල වුවත් අරුත්බර සිත්ගන්නාසුළු පද මාලාව ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ සංගීතයෙන් ඔපවත් වී ඉතා අලංකාර ගීතයක් රසිකයන්ට තිලිණ වෙනවා.

විචාරයන්[]

  • දිනමිණ 2014-01-21[1]

"එදා රෑ ගුවන් තොටුපොළේ දී ඔහු වෙන්වී ගියේ සිතකින් නොවේ යයි ඔවුහු අපට පවසති. මේ ගී සංකල්පනාවද සරලය. එහෙත් ප්‍රේමකීර්තිගේ වදන් භාවිතයේ හාස්කම නිසා ගුවන්තොටුපොළින් එතෙරට යන පෙම්වතෙකුගේ බිඳුණු සිත අපට පෙනේ. චිත්ත රූපාවලියට අපද එක්වේ. නෑ සියන් මිතුරන් සැම ඔහුගෙන් සමුගන්නට පැමිණ ඇත. නොආවේ කවුරුන්ද?

‘නෑ සිය මිතුරන් පැමිණීලා ආසිරි සුබ පැතුම් පැතුවා ඔබ නාවෙ ඇයි මිහිරියේ ....

නෑසියන් මිතුරන් සියලු දෙනා පැමිණියද ඈ නොපැමිණියේ මන්දැයි ඔහුගේ සිත ප්‍රශ්න කරයි. මේ වනතුරු රහසක් තිබූ පුවතක් ඇයට පවසන්නට ඔහු බලාසිටි බව කියැවේ. එහෙත් ඈ නොදුටු ඔහුගේ සිත සොවින් පිරෙයි"

විශේෂ තොරතුරු[]

යොමු[]

සින්දුව බාගතකරන්න/අහන්න[]

Site Link Info.
Topsinhalamp3.com http://www.topsinhalamp3.com/songs/ranil-mallawarachchi-mp3-songs/eda-ra-guwan-thotupaledi-ma-mp3-song.php 4.18 MB
Sarigama.lk http://sarigama.lk/profile/song_profile/923/eda-re-guwanthotupale-milton-mallawarachchi-mp3-song-download-online-listen

වීඩියෝව නරඹන්න []

Eda_Raa_Milton_Mallawarachchi

Eda Raa Milton Mallawarachchi

Eda_Re_(Original_Recording)_-_Milton_Mallawarachchi_-_Popular_Sinhala_Song_(1974)

Eda Re (Original Recording) - Milton Mallawarachchi - Popular Sinhala Song (1974)

Search on Youtube

ගී පද පෝස්ටරය[]

Site Link Info.
Ananmanan.lk http://www.ananmanan.lk/sinhala-lyrics/lyric/1119/milton-mallawaarachchi-eda-raa-guwan-thotupaledi-ma-lyrics.html

Song Chords[]

Site Link Info.
ChordsLanka http://www.chords-lanka.com/song_view.php?song_id=105

වැඩිදුර කියවන්න[]

මූලාශ්‍ර[]

Advertisement